පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරය හෙබවූ චමින්ද කුලරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක්කර තිබේ. ඊයේ (23) සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.
වාර්තා වන අන්දමට, මෙම වැඩතහනමට මූලික හේතුව වී ඇත්තේ ඔහුගේ පත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතු වී ඇති යම් ගැටලුකාරී තත්ත්වයකි. ඒ පිළිබඳව සිදුකරනු ලබන විමර්ශනයකට යටත්ව මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ. චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තු පරිපාලනයේ ප්‍රධාන පෙළේ තනතුරක් දැරූ නිලධාරියෙකු වන අතර, මෙම හදිසි වැඩතහනම පිළිබඳව ඉදිරියේදී වැඩිදුර කරුණු අනාවරණය වීමට නියමිතය.