ළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදීමට කාන්තාවකට ආධාර අනුබල දීමේ චෝදනාව මත බන්ධනාගාර ජේලර්වරයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ජේලර්වරයෙකි.
මීට පෙර, පානදුරේ හිරණ ප්‍රදේශයේ කාන්තාවක් කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුට අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ ජංගම දුරකථනයක් ලබාදීමට සූදානම්වීමේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එම කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, සැකකාර ජේලර්වරයා රුපියල් 35,000 ක මුදලක් ලබාගෙන ඇති බව හෙළි වී ඇත.
සැකකාර ජේලර්වරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කළුතර උතුර පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.