පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජන සහාය ඉල්ලා සිටී. අදාළ සැකකරු මේ වන විට පොලිස් පරීක්ෂණ මඟහරිමින් ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බව නිල නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේය.
මෙලෙස පොලිසිය විසින් සොයනු ලබන්නේ ලෝස් පටබැඳිගේ සඳුන් ටෙලාන් නමැති පුද්ගලයෙකි. මොහු අංක 56/B20, මාහේන, කපුගම බටහිර, දෙවිනුවර යන ලිපිනයේ පදිංචිකරුවෙකු බව විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව ලැබී ඇති තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කිහිපයක් සිදු කළ ද ඔහු මෙතෙක් කොටු කර ගැනීමට නොහැකි වී තිබේ.
මෙම සැකකරු පිළිබඳව කිසියම් තොරතුරක් වෙතොත් හෝ ඔහු රැඳී සිටින ස්ථානයක් පිළිබඳව දන්නේ නම් වහාම ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කරන බව ද පොලිසිය අවධාරණය කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුමේ තවත් පියවරක් ලෙස මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීමේ අරමුණින් පොලිසිය දිවයින පුරා සෝදිසි මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇත.