ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයෙකු ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ අධිකරණ භූමිය තුළ තිබූ බන්ධනාගාර බස් රථයක් පිටතට ගැනීමට යාමේදී අදාළ නීතිඥවරයාගේ මෝටර් රථය නවතා තිබීම නිසා ඇති වූ බාධාවකි.
නීතිඥවරයා සහ පොලිස් නිලධාරියා අතර ඇති වූ බහින් බස්වීම දුරදිග යාමෙන් පොලිස් කොස්තාපල්වරයා මෙම පහරදීම සිදුකර ඇති බවට වාර්තා වේ.
පහරකෑමට ලක් වූ නීතිඥවරයා විසින් ගල්කිස්ස පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව, ගල්කිස්ස පොලිසිය විසින් සිවිල් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර ඇත.