වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් (OIC) 29 දෙනෙකු ස්ථාන මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය පෙරේදා (නොවැම්බර් 01) පියවර ගෙන තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මීට අදාළ නියෝගය නිකුත් කර ඇත.
ස්ථානාධිපතිවරුන් 10 දෙනෙකු සාමාන්‍ය රාජකාරී සඳහා විවිධ කොට්ඨාසයන් වෙත මාරු කර යවා තිබේ.
මේ අතර, මේ සතියේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ද ස්ථාන මාරුවක් සිදුවීමට නියමිතව ඇති අතර, තවත් උසස් නිලධාරීන් පිරිසක් ද මාරු කර යැවීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියා සිටියි.