මෙරට වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි මිලියන 3000ක් උවත් එය මේ වසරේදී ගෙඩි මිලියන 246කින් අඩුවී ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා අනාවරණය කරයි.
මෙරට අක්කර ලක්ෂ 11ක පමණ භූමි ප්‍රමාණයක පොල් වගාව සිදුකලත් පොල්වගා භූමි සීඝ්‍ර විනාශ කිරීම මෙලෙස අස්වැන්න අඩුවීමට එක් හේතුවක් වූ බවයි. එහෙයින් පොල් ගස් කැපීම සම්පූර්නයෙන්ම තහනම් කර ඇතත් පොල් වගා භූමි විනාශය තවමත් අවමව නැති බවද සභාපතිවරයා ප්‍රකාශ කරයි.
සභාපතිවරයා මේ අදහස් පලකලේ පොල් දෙසතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.