2025 ජූනි 21 සෙනසුරාදා, 11:54
නවතම පුවත්

PMDය මාධ්‍යවේදී ළහිරුට කළ බලපෑමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධය..!

ලංකාදීප පුවත්පතේ ඡායාරූප ශිල්පී හිරු හර්ෂණට හිමි ප්‍රකාශනයේ නිදහස සීමා නොකළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ, සිය පෞද්ගලික ෆේස්බුක් පිටුවේ පළකර තිබූ ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි දින රැළිය අමතන ඡායාරූපයක් ඉන් ඉවත් කරගන්නැයි ඡායාරූප ශිල්පී ළහිරු හර්ෂණට එල්ල වූ බලපෑම් ඉතාම කණගාටුදායක බවයි.

පහතින් දැක්වෙන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඊට අදාළව නිකුත් කළ නිවේදනයයි.

‘ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි දින රැළිය අමතන ඡායාරූපයක් සිය පෞද්ගලික ෆේස්බුක් පිටුවේ පළ කර තිබියදී එය ඉන් ඉවත් කරගන්නැයි එල්ල වූ බලපෑම් නිසා ඡායාරූප මාධ්‍යවේදී ළහිරු හර්ෂණට එම ඡායාරූපය ඉවත් කරගැනීමට සිදුවී තිබේ. ඒ පිළිබඳව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක්ද තබා ඇත.

වාර්තා වන අන්දමට ඡායාරූපය ඉවත් කරගන්නා ලෙස මෙම බලපෑම් හෝ ප්‍රබල ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ තෙවන පාර්ශ්වයක් හරහා මැදිහත් වෙමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ කිසියම් පිරිසකි.

එය සිදුවී ඇති ආකාරය පිළිබඳ සත්‍ය අසත්‍යතාව වැඩිදුරටත් තහවුරු කරගැනීමට උත්සාහ ගන්නා අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය වන්නේ එවැනි තත්ත්වයක් උද්ගතවීම ඉතා කනගාටුදායක බවය.

ළහිරු හර්ෂණ ඡායාරූප මාධ්‍යවේදියා විසින් ලබාගන්නා ලද එම ඡායාරූපයේ ගුණාත්මක බව පිළිබඳ විශේෂඥ විශ්ලේෂණ ඉදිරිපත් කිරීම සිදු කළ යුත්තේ දේශපාලන පක්ෂපාතීත්වයෙන් බැහැරවය යන්න බව අපගේ මතයයි. එසේම ඡායාරූපයක් සතුව පවත්නා ප්‍රවෘත්තිමය ගුණයට අතිරේකව කලාත්මක හැඩතලයක්ද තිබෙන අතර දේශපාලන, සමාජ, සංස්කෘතික හා වෙනත් පැතිමාන ඔස්සේ ඒවා පිළිබඳ අර්ථකතන සම්පාදනය කළ හැකිය. විවිධ විචාර සම්ප්‍රදායන් හා ගුරුකුලවලට අනුගත වෙමින් ඡායාරූප අන්තර්ගතයන් කියවා ගැනීම කළ හැකි අතර එවැනි කියැවීම් පුද්ගලබද්ධ හා ගතික වීමද නොවැළැක්විය හැකිය.

එවැනි තත්ත්වයක් තුළ එබඳු පළකිරීමක් සම්බන්ධ බහුවිධ අදහස් හා මතවාද ගොඩනැගීමට අවශ්‍ය අවකාශය ආරක්ෂා කරනු විනා ඒවා ඉවත් කරගැනීමට බලපෑම් කිරීම දියුණු සංස්කෘතික ලක්ෂණයක් නොවේ.

එසේම කිසියම් ඍජු හෝ වක්‍ර බලපෑමක් මත එම ඡායාරූපය ඉවත් කරගන්නට ළහිරු හර්ෂණට සිදුව ඇත්නම් එය ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් කනගාටු විය යුතු තත්ත්වයකි. ඒ එම ඡායාරූපය කිසිසේත්ම ප්‍රකාශනයට ඇති අයිතිය හා අනනුකූල නොවන්නක් වන බැවිනි.

එමනිසා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඡායාරූප මාධ්‍යවේදී ළහිරු හර්ෂණගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අතර මෙවැනි අවස්ථාවලදී සීමා කිරීම් පැනවීම වෙනුවට විසංවාදයට ඉඩ සළසමින් වඩා උසස් ප්‍රකාශන හා කලා සංස්කෘතික භාවිතාවකට පහසුකම් සළසන මෙන් සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිමු.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සම්ප්‍රාප්තිය අවස්ථාවේදී ජනාධිපති මාධ්‍ය ඒකකය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන්ද මෙලෙසම විවේචන පවතී.

ජනාධිපති මාධ්‍ය ඒකකය යනු ජනාධිපතිවරයාගේ මෙන්ම රටේ ප්‍රතිරූපය සම්බන්ධයෙන්ද අතිශය වැදගත් වගකීම් උසුලන ආයතනයක් වන අතර එය දේශපාලන පක්ෂයකට අයත් ව්‍යූහයක් ලෙස නොපැවතිය යුතු බව අපගේ අදහසයි.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය
ඊශ්‍රායලය සහ ඉරානය...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමයට
ජනාධිපති අරමුදල...
web 01
ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හතරලියද්දෙන් හෙළිවෙයි
ව්‍යාජ මුදල් ජාවාරමක...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...

උණුසුම් පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය
ඊශ්‍රායලය සහ ඉරානය...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමයට
ජනාධිපති අරමුදල...
web 01
ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හතරලියද්දෙන් හෙළිවෙයි
ව්‍යාජ මුදල් ජාවාරමක...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories