විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ එක්ව ලබන මාසයේදී කොළඹ, නුගේගොඩදී දැවැන්ත ජන රැලියක් පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ (එජාප) සභාපති වජිර අබේවර්ධන මහතා අද (11) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
මෙම රැලිය අනාගතයේදී සියලුම විපක්ෂ දේශපාලන පක්ෂ එකම වේදිකාවකට එක්වීමට අවශ්‍ය අඩිතාලම දමනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කළේය.