ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (06) නිල වශයෙන් නිවේදනය කරන ලදී. මෙවර සංචිතයේ නායකත්වය දසුන් ශානක වෙත හිමිව තිබීම විශේෂත්වයකි.
දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලියේ තරග ජනවාරි 07, 09 සහ 11 යන දිනවලදී දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (RDICS) පැවැත්වීමට නියමිතය. තරගාවලිය සඳහා නම් කළ සංචිතයට පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයින් මෙන්ම ප්‍රබල වේග පන්දු සහ දඟ පන්දු බලඇණියක් ඇතුළත් කර තිබේ.
නම් කරන ලද සංචිතය මෙසේය: දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ට්‍රැවීන් මැතිව්, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග.