2026 මාර්තු 20 සිකුරාදා, 13:38
නවතම පුවත්

ලොව පවතින සාධාරණම විභාග ක්‍රමය ප්‍රතිසංස්කරණ නාමයෙන් විනාශ කරන්න එපා.

ලෝකයේ වඩාත්ම සාධාරණ විභාග ක්‍රමය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාමයෙන් අවුල් නොකළ යුතු බව එස්.අයි.බී.සී. ජාත්‍යන්තර බෞද්ධ පාසලේ අධ්‍යක්ෂ බුද්ධි නන්දන කහඳවල මහතා පවසයි.

පින්ලන්ත අධ්‍යාපන ආකෘතිය ශ්‍රී ලංකාවට ආදේශ කිරීම පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරන ඒ මහතා පෙන්වා දෙන්නේ, පින්ලන්ත ක්‍රමය මෙරටට ගෙන ඒමට පෙර කළ යුත්තේ ලංකාව පින්ලන්තයක් බවට පත් කිරීම බවයි.

එබැවින් හුදු ප්‍රකාශ මගින් අධ්‍යාපනය වෙනස් කිරීමට යාම ප්‍රායෝගික නොවන බවත්, පවතින වාතාවරණය අනුව මෙරටට වඩාත් සුදුසු වන්නේ මෙතෙක් පැවති විභාග ක්‍රමයම ඉදිරියට ගෙනයාම බවත් ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ වත්මන් විභාග ක්‍රමය තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය අගය කරන කහඳවල මහතා පවසන්නේ, කොළඹ දරුවාටත් මහියංගනයේ දරුවාටත් භේදයකින් තොරව තම දක්ෂතාව ප්‍රදර්ශනය කිරීමට ඇති එකම මිනුම්දණ්ඩ මෙම තරග විභාග බවයි.

ජාතික පාසලක, ගමේ පාසලක හෝ ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත්තද, අවසානයේ දේශීය විභාගයකදී සියලු දෙනාට හිමිවන්නේ සමාන අවස්ථාවකි. මෙම සාධාරණත්වය රැකගත යුතු බව පවසන ඒ මහතා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිමුඩියේ සිදු නොකර ඉතා ඉවසීමෙන් සහ දරුවන්ට පහසුවෙන් අනුගත විය හැකි අයුරින් සිදු කළ යුතු බව පෙන්වා දෙයි.

ලෝකයේ දියුණු රටවල් දෙස බැලීමේදී චීනය සහ දකුණු කොරියාව වැනි රාජ්‍යයන් තවමත් ශ්‍රී ලංකාවට සමාන ඉතා තරගකාරී විභාග ක්‍රමයක් අනුගමනය කරමින් දක්ෂයින් ඉදිරියට රැගෙන යන බව ඔහු සඳහන් කරයි.

ඊට ප්‍රතිපක්ෂව, නිශ්චිත ජාතික විභාග ක්‍රමයක් නොමැති ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල පාසල් අනුව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වෙනස් වන බවද ඔහු සිහිපත් කරයි. එබැවින් අපේ රටේ අනන්‍යතාවය සහ සමාජීය පසුබිම හඳුනා නොගෙන සිදුකරන බටහිර ආකෘතිවල අනුකරණයන් මෙරට අධ්‍යාපනයේ අනාගතයට ගැටලුවක් විය හැකි බව ඔහුගේ අදහසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories