මධ්‍යම පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 58 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. සුළි කුණාටුව සමඟ ඇතිවූ අධික වර්ෂාපතන හේතුවෙන් පුළුල් ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වී තිබේ.
තවත් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන් වී ඇති බව සඳහන්ය.
මේ අතර, සහන කටයුතු සඳහා සහාය වීම යොදා තිබූ හමුදා හෙලිකොප්ටර් යානයක් මින්ඩනාඕ දූපතට කඩා වැටීමෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු ද මියගොස් ඇති බව විදෙස් වාර්තා තහවුරු කළේය.