ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස හිටපු ජාතික රග්බි ක්‍රීඩක පවිත්‍ර ප්‍රනාන්දු මහතා අද (08) තේරී පත් විය.
නව සභාපතිවරයා තෝරා ගැනීමේ නිලවරණය අද පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වා තිබේ.
මෙවර නිලවරණය පැවැත්වුණේ සංශෝධිත නව රෙගුලාසි යටතේය. මෙම නිලවරණයට එරෙහිව පැවති අධිකරණ ක්‍රියාදාමයන් අවසන් වූ බැවින්, කිසිදු බාධාවකින් තොරව නිලවරණය පවත්වන බවට රග්බි සම්මේලනය ඊයේ (07) පස්වරුවේ නිවේදනයක් නිකුත් කර තිබුණි.
නව සභාපතිවරයා ලෙස පත්වූ පවිත්‍ර ප්‍රනාන්දු මහතාට, දේශීය රග්බි ක්‍රීඩාවේ ඉදිරි කටයුතු භාර වනු ඇත.