ගණේමුල්ල පොලිස් වසමේ හොරගොල්ල ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස විදෙස් ගමන් බලපත්‍ර 83ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගණේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, 51 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 62 හැවිරිදි ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් පවා ඇතුළත් වේ.
අදාළ බලපත්‍ර නීතිවිරෝධී ලෙස තබාගැනීම සම්බන්ධයෙන් සොයාබැලීමේ වැඩිදුර විමර්ශන මේ වන විට ගණේමුල්ල පොලිසිය මගින් සිදු කරමින් පවතී.