ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබා දීම සඳහා හෙට (නොවැම්බර් 03) සිට ක්‍රියාත්මක වන පරිදි නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව, 1995 නව ක්ෂණික දුරකථන අංකය හරහා එම තොරතුරු ලබා දිය හැකි බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ වනාන්තර සහ වනජීවීන් සුරැකීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සහ වන අපරාධ වැළැක්වීම හා මර්දනය කිරීම සඳහා කටයුතු කිරීමය.
එහිදී ලැබෙන තොරතුරු අනුව අදාළ ප්‍රදේශයේ ආරක්ෂක අංශයන් සහ වනජීවී හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්ෂණික මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන බව වාර්තා වේ.
මෙම මෙහෙයුම් ඒකකය වෙත ලැබෙන දත්ත හා තොරතුරු ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ වනඅපරාධ බහුල ප්‍රදේශ හඳුනාගෙන ඒවාට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය උපාය මාර්ග සකස් කිරීම ද සිදුවනු ඇත.