මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ මුහුදේ රළු ස්වභාවය සැලකිල්ලට ගෙන නිලාවේලි පරවි දූපත ජාතික උද්‍යානය සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දැමූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරවි දූපත ජාතික උද්‍යාන භාරකරු ආර්.පී.එස්. උඩපෝරුව මහතා පැවසුවේ, දූපතට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමද තාවකාලිකව අත්හිටුවනු ලැබූ බවයි.
මුහුදේ රළු ස්වභාවය හා අයහපත් කාලගුණය යහපත් වන දිනයන් සඳහන් කිරීමට නොහැකි බවත්, වර්ෂයේ එක්තරා කාලයක සිදුවන මෙම තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවද උද්‍යාන භාරකරු වැඩිදුරටත් පැවසීය.