රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී වැටලීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ‘කෙහෙල්බද්දර පද්මේගේ’ ගෝලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල හෙවත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මෙම වැටලීම ඊයේ (ඔක්තෝබර් 30) සවස සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25, 21 සහ 28 යන වයස්වල පසුවන වත්තල පල්ලියවත්ත, අවරකොටුව සහ ගලගහදූව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.
වැටලීමේදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 165ක් සොයාගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (ඔක්තෝබර් 31) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.