වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මරියා මචාඩෝ මහත්මිය වෙත 2025 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට තීරණය කර ඇත.
නෝර්වීජියානු නොබෙල් කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.
වෙනිසියුලානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා, සාමකාමී පරිවර්තනයන් වෙනුවෙන් ඇය කළ අරගලය මෙම සම්මානය සඳහා ඇයව තෝරා ගැනීමට හේතු වී තිබේ.