විශ්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව, එම නියෝගයට අනුව ඔහු සැප්තැම්බර් 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට තීරණය කළ බව අධිකරණ මූලාශ්‍ර පවසයි.
නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ කාලයේදී පොතුහැර ප්‍රදේශයේ සිදුවූ පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයක් ආශ්‍රයෙන්, අදාළ හිටපු නාවික හමුදාපතිවරයා ජූලි 28 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.