මහනුවර ශ්රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා යළිත් වරක් ප්රදීප් නිලංග දෑල මහතා තේරී පත්ව තිබේ.
දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද (නොවැම්බර් 07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩපයේදී පැවැත්විණි.
එහිදී ප්රදීප් නිලංග දෑල මහතා ඡන්ද 195ක් ලබා ගනිමින්, තුන්වන වරටත් වසර 10ක කාලයක් සඳහා දියවඩන නිලමේවරයා ලෙස තේරී පත් විය.