2026 මාර්තු 23 සඳුදා, 06:02
නවතම පුවත්

ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ධුරයෙන් ඉවත් වෙයි..!

අධ්‍යාපන ප්‍රකාශන අර්බුදය: ස්වාධීන පරීක්ෂණයකට මඟ පාදමින් මහාචාර්ය මංජුලා විතානපතිරණ ගත් තීරණය

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලයට (Learning Module) අසභ්‍ය වෙබ් අඩවියක යොමුවක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ නිමාවන තෙක් ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය සිය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන ස්වාධීන පරීක්ෂණ කටයුතුවලට බාධාවකින් තොරව සහාය වීම සඳහා ඇය මෙම තීරණය ගෙන ඇති බවයි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද අදාළ අතිරේක ඉගැන්වීම් ද්‍රව්‍ය බෙදාහැරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනටමත් අත්හිටුවා ඇත.

මේ පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිද්ධිය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින්නේ ද යන්න සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

බලධාරීන් විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ අදාළ වෙබ් යොමුව (Reference) හරහා පිවිසෙන්නේ සමලිංගික පාර්ශවයන් ඉලක්ක කරගත් අන්තර්ගතයන් සහිත අඩවියකට බවයි.

අධ්‍යාපන බලධාරීන් පවසන්නේ පරීක්ෂණ වාර්තා ලැබුණු පසු මෙවැනි බරපතළ වගකීම් විරහිත ක්‍රියාවන් අනාගත විෂය නිර්දේශ සම්පාදනයේදී සිදු නොවීමට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. පෙළපොත් සම්පාදනයේදී සහ අනුමත කිරීමේදී පවතින “පිරික්සුම් ලැයිස්තු” (Checklists) සහ තත්ත්ව පාලන ක්‍රමවේද තවදුරටත් දැඩි කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇත.

මෙම ඉල්ලා අස්වීමත් සමඟ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ඉදිරි දින කිහිපය තුළ පත් කිරීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories