උතුරු පළාතේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඓතිහාසික නාගදීප පුරවරයට පැමිණ නාගදීප රජමහා විහාරය වැඳපුදා ගනිමින් ආශීර්වාද ලබා ගත්තේය.
එහිදී ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා අනතුරුව නාගදීප රජමහා විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
මෙම හමුවේදී මෑතකාලීනව දැඩි කතාබහට ලක්වූ යාපනය තෛයිට්ටි ප්‍රදේශයේ පිහිටි තිස්ස විහාරය සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුවී ඇති අතර, අදාළ විහාරස්ථානය පෞද්ගලික ඉඩමක ඉදිකර ඇති බවට පදුමකිත්ති තිස්ස නාහිමියන් විසින් මෑතකදී සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.