වසරේ පළමු මාස අටක කාලය තුළ නව වාහන එකලක්ෂ හැත්තෑ එක්දහස් පන්සිය අසූහයක් (171,580) ලියාපදිංචි වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ගණනෙන් ඉහළම කොටස වන්නේ යතුරුපැදි වන අතර ඒ සංඛ්‍යාව එකලක්ෂ විසි හත්දහස් හත්සිය හතළිස් පහකි (127,745). මෝටර් කාර් 26,804ක්, ත්‍රිරෝද රථ 15,809ක්, ද්විත්ව කාර්ය වාහන 1,666ක්, ඉඩම් වාහන 2,122ක් ද ලියාපදිංචි කර තිබේ.
විශේෂයෙන් විද්‍යුත් වාහන ලියාපදිංචිය ද මේ කාලය තුළ ඉහළ ගොස් ඇති බවත් එම සංඛ්‍යාව 20,526ක් වන බවත් කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ අතර විද්‍යුත් මෝටර් කාර් 3,222ක්, විද්‍යුත් වෑන් 5ක්, විද්‍යුත් ත්‍රිරෝද රථ 155ක්, විද්‍යුත් යතුරුපැදි 22,133ක් ලෙස වාර්තා වේ. වාහන අංක තහඩු මුද්‍රණය මාස හයකට වැඩි කාලයක් නවතී සිටීම නිසා මේ වන විට ලියාපදිංචි කළ වාහන ලක්ෂයකට අධික ප්‍රමාණයකට අංක තහඩු ලබා දී නොමැති තත්ත්වයක් ඇතිව තිබේ. දෙපාර්තමේන්තුව සඳහන් කළේ අංක තහඩු මුද්‍රණය කිරීමේ කාර්යය ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් පුද්ගලික සමාගමකට භාර දීමට සැලසුම් කර ඇති බවය. කෙසේ වෙතත්, මුද්‍රණය නැවතීම මත අංක තහඩු සකස් කරන ව්‍යාපාරික ස්ථානවල ගාස්තු අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බවත් පාරිභෝගිකයන් පෙන්වා දෙනු ලබයි