සැකකටයුතු මිනිස් හිස්කබල් 4ක් සමග අස්ථි කොටස් කිහිපයක් වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ මල්ලක දමා තිබීයදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අදාළ නිවස පිහිටා ඇති භූමියෙහි ගොඩනැගිල්ලක් තුළ ග්‍රාමසේවක කාර්යාලයක් පවත්වාගෙන යන ඇති අතර එහි ග්‍රාමීය නිලධාරිවරයා විසින් කළ දැනුම් දීමකට අනුව මෙම සැකකටයුතු පාර්සලය සොයාගෙන ඇත.
අදාළ ඉඩම වෛද්‍යවරයකුට අයත් වන අතර ඔහු වසර කිහිපයකට පමණ ඉහතදී මෙම ඉඩම මිලදී ගෙන තිබේ.
පොලිසිය සැක පළ කරන්නේ අදාළ මිනිස් හිස්කබල් 4 සහ අස්ථි කොටස් කවුරුන් විසින් හෝ මෙම ස්ථානය ගෙනැවිත් දමන්නට ඇති බවටය.