රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අද (30) ඇප ලබාදීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව, ඔහුගේ ඇප අයැදුම අද යළිත් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ.
ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇපයක් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මත හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මුදා හැර ඇත.
එසේම, සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමද සිදු කළ යුතු බවත්, සැකකරුවන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතු බවටත් ඇප කොන්දේසි පනවා ඇති බව සඳහන් වේ.
රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.