අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න දහයක් මන්ත්‍රීවරු දස දෙනෙකු විමසා තිබූ නමුත්,එක් මන්ත්‍රීවරයකු පමණක් ප්‍රශ්නය ඇසීම සඳහා සභාවේ රැඳී සිටියේය.
ප්‍රශ්න ඇසූ මන්ත්‍රීවරු නව දෙනෙකු සභාවේ රැඳී සිටියේ නැත. ඔවුන් අතරින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හය දෙනෙක් සහ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් සිට ඇත.
සමගි ජන බලවේගය නියෝජනය කරන හේෂා විතානගේ,චමින්ද විජේසිරි රෝහණ බණ්ඩාර,කින්ස් නෙල්සන් ඉලංගෙයි තමිල් අරසුකච්චි නියෝජනය කරන ශානක්කියන් රාසමානික්කම් සහ සිවඥානම් ශ්‍රීතරන් යන මන්ත්‍රීවරුන් සභාවේ නොසිටි විපක්ෂ මන්ත්‍රීවරුන් වේ.
ජාතික ජන බලවේග ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රොෂාන් අක්මීමන,තිළිණ සමරකෝන් සහ ධර්මප්‍රිය දිසානායක යන මන්ත්‍රීවරුන්ද සභාවේ රැඳී සිටියේ නැත.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර් ප්‍රගීත් මධුරංග මහතා ප්‍රශ්නය ඇසුවද ඔහුගේ ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යවරයා පිළිතුරු ලබා නොදී සති දෙකක කාලයක් ඉල්ලා සිටීමත් විශේෂත්වයක් වෙයි.