වහාම ක්‍රියාත්මක වන පරිදි, නැවත දැනුම් දෙන තුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
ඒ අනුව, ඊට අදාළ දැනුම්දීම සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව සිදු කර ඇති බව සඳහන් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනා, අනීතික අයුරින් සේවකයින් දැඩි අපහසුතාවට පත් කිරීම, හිඟ දිරි දීමනා ලබාදීම සහ නියමිත උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 16ක් මුල් කරගෙන මේ වන විට විදුලි වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ද ආරම්භ කර තිබේ.