අධිකරණයට අපහාස කළේ යන්නට චෝදනා ලැබූ ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි.
තීන්දුව ප්‍රකාශ කරන අතරතුර විනිසුරුවරයා පැවසූවේ, ඉලුක්පිටිය මහතාගේ ක්‍රියාවකින් අධිකරණයට බරපතළ අපහාසයක් සිදුවී ඇති බවයි.
ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.
එම අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.