159 වන පොලිස් දින සැමරුම අදට යෙදී තිබේ.
නීතිය සුරකිමු සාමය අගයමු යන තේමාව යටතේ මෙවර පොලිස් දිනය සැමරෙන්න අතර, 1866 වසරේ සැප්තැම්බර් මස 03 වනදා ව්‍යස්ථාපිතව පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.
159 වන පොලිස් දිනය වෙනුවෙන් අද පස්වරුවේ තිඹිරිගස්යායා පොලිස් ක්‍රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් පැවැත්වීමට නියමිතය.