කොළඹ කොටුවේ පිහිටි හෝටලයක වැසිකිළියක කසල බඳුනකින් ජීව උණ්ඩ 17ක් සොයාගැනීමට කොටුව පොලිසිය සමත් වී ඇත.
පොලීසිය සඳහන් කරන්නේ, හෝටල් පිරිසිදු කිරීමේ සේවකයින් වැසිකිළිය පිරිසිදු කරන අතරතුර අදාළ උණ්ඩ දැක ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී ඇති බවය. පසුව පොලිසියට දැනුම්දී ඒවා සිය භාරයට ගෙන තිබේ.
පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, සොයාගත් ජීව උණ්ඩ මිලිමීටර් 9 වර්ගයට අයත් බවයි.
මෙම උණ්ඩ හෝටලයට පැමිණි කිසියම් පුද්ගලයෙකු විසින් ඉතා සූක්ෂම ලෙස වැසිකිළියට ගෙනවිත් කසල බඳුනට දමා ඇති බවට පොලීසිය සැක පළ කරයි.