කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සීසීටීවී කැමරා පද්ධතිය සති 18කට අධික කාලයක් ක්‍රියා විරහිතව පවතින බව හෙළිව ඇත.
අදාළ අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර පවසන්නේ, මෘදුකාංග ගැටලුකාරීත්වය හේතුවෙන් කැමරා පද්ධතිය අක්‍රිය වී ඇති බවයි. චීන ජාතිකයන් ඉදිකර ඇති ගොඩනැගිල්ලේ කැමරා නඩත්තු කටයුතුද සිදු කරනුයේ චීනයේම විශේෂඥයන් විසින් වන අතර, මේ වනවිට ඔවුන්ට එම තත්ත්වය පිළිබඳව දැනුම් දී තිබේ.
වෛද්‍ය රත්නසේකර වැඩිදුරටත් සඳහන් කරන්නේ, නඩත්තු කටයුතු පිළිබඳව දැනටමත් සාකච්ඡා සිදුවමින් ඇති බවත්, ඉදිරියේදී කැමරා පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවත්ය.