රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ධුරයෙන් මාරු කර ඇති හිටපු අධ්යක්ෂවරයාට එරෙහිව චෝදනා රැසක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය පැවැත්වූ මූලික විමර්ශන අනුව සෞඛ්‍ය ලේකම්ගේ නියෝගයෙන් මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේය.
ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පීඩා කරන ආකාරයෙන් හැසිරීම, රෝගී සේවාවන්ට බාධා කිරීම, රෝහල් වෛද්‍යවරුන් පිළිබඳ අසත්‍ය තොරතුරු මාධ්‍යයට බෙදාහැරීම සහ රාජකාරි වලින් වැළකී සිටීම යන චෝදනා මූලිකව ඉදිරිපත් වී තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ, රෝහල් පරිපාලනය හා සේවාවන්ට බලපාන මේ සිදුවීම් පිළිබඳව වහාම තීරණාත්මක පියවර ගැනීම අත්‍යවශ්‍ය බවය.