ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ, 2025 දෙසැම්බර් 31 වනදා සිට සියලුම පොදු මගී ප්‍රවාහන රියැදුරන් සඳහා නව ‘පොදු ප්‍රවාහන බලපත්‍රයක්’ (PT) අනිවාර්ය කරන බවයි. මෙම නව ක්‍රමවේදය මඟින් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.
ඊයේ (20) අම්පාරේදී පැවැති උත්සවයකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම නව බලපත්‍රය නිකුත් කිරීම සඳහා අවශ්‍ය සියලු රෙගුලාසි දැනටමත් සකස් කර අවසන් බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පොදු ප්‍රවාහන සේවය යනු වගකීම් සහිතව කළ යුතු කාර්යයක් බවත්, මෙම වෘත්තිය සැහැල්ලුවෙන් සලකන පුද්ගලයන් මගීන් ප්‍රවාහනයට සුදුසු නොවන බවත්ය. මෙම නව නීතිය හරහා පොදු ප්‍රවාහන සේවය වඩාත් විධිමත් කිරීමට සහ මගීන්ට ආරක්ෂිත හා විශ්වාසදායි සේවාවක් ලබා දීමට පියවර ගන්නා බව රජය පෙන්වා දෙයි.