අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ අවදානම් ස්ථාන පරීක්ෂා කර දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් 1,127ක් ලැබී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
මෙම ඉල්ලීම් ඉකුත් නොවැම්බර් මස 20 වැනිදා සිට දෙසැම්බර් මස 04 වැනිදා දක්වා කාලය තුළදී NBRO වෙත ලැබී ඇත.
මෙම ඉල්ලීම් ලැබී ඇත්තේ, එම ස්ථාන නාය ගොස් හෝ නාය යෑමේ ලක්ෂණ මතුවීම නිසා බව ඔහු පවසයි. වාර්තා වූ සිදුවීම් සංඛ්‍යාත්මකව:
බෑවුම් අස්ථාවර වීම් නිසා සිදුවූ නාය යෑම්: 118
පස් කණ්ඩි කඩාවැටීම්: 200
ගල් පෙරළීම්: 34
වෙනත් සිදුවීම් (රැඳවුම් බැමි අස්ථාවර වීම, ගිලා බැසීම්, ගං ඉවුරු අස්ථාවර වීම්, දිය බුබුළු, බොරදිය උල්පත් මතුවීම් ආදිය): 44
දිස්ත්‍රික් ලේකම්වරු ලබා දෙන ප්‍රමුඛතා ලැයිස්තුව අනුව අදාළ ස්ථානීය පරීක්ෂණ සිදු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.