පේරාදෙණිය, සූරියගොඩ ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
පේරාදෙණිය සූරියගොඩ ග්‍රාම නිලධාරී කාර්යාලය යට කොටසේ තනියම ජීවත් වූ 72 හැවිරිදි එස්. පී. පියදාස නැමැති පුද්ගලයෙකු මීට දින කිහිපයකට පෙර ඒ අසල ඇති පස් කන්දක් කඩා වැටීම නිසා මියගොස් ඇති බවට සැක කෙරේ.
අසල්වාසීයෙකුට යම් දුගඳක් දැනීම නිසා කරන ලද සෝදිසි කිරීමකදී මියගිය පුද්ගලයාගේ සිරුර සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.