කුළියාපිටිය වයඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවක වධය ලබාදුන් බවට චෝදනා එල්ලව ඇති තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිසුන් අද (26) කුළියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එළැඹෙන සැප්තැම්බර් 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග නිකුත් කර තිබේ.
පොලිස් අධිකාරිවරුන් පවසන්නේ නවක වධය සිද්ධිය සම්බන්ධයෙන් සිසුන්ට අදාළ නීතිමය කටයුතු මේ වනවිට සිදු කරමින් ඇති බවයි.