2026 මාර්තු 23 සඳුදා, 21:19
නවතම පුවත්

නවදිල්ලි අගනුවර මරාගෙන මැරෙන බෝම්බකරු හදුනාගනී

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන තිබේ. මෙම පිපිරීමෙන් පුද්ගලයින් නව දෙනෙක් මියගොස් තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා තිබුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරන පුද්ගලයා වෛද්‍ය උමාර් මොහොමඩ්ගේ බවයි. උමාර් මොහොමඩ් 1989 පෙබරවාරි 24 වන දින උපත ලබා ඇති බවත්, ජම්මු – කාශ්මීරයේ පුල්වාමා හි අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය සිදු වීමට පෙර ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වන බවට ලැබුණු තොරතුරු මත ජම්මු – කාශ්මීරයේ සහ හර්යානා පොලිස් කණ්ඩායම් විසින් ඊයේ (නොවැම්බර් 10) ත්‍රස්ත කණ්ඩායමක සගයන් වූ වෛද්‍යවරුන් දෙදෙනෙකු වන වෛද්‍ය ආදිල් අහමඩ් රාදර් සහ වෛද්‍ය මුජමිල් ෂකීල් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, ජයිෂ් ඊ මොහොමද් නම් ත්‍රස්තවාදී කල්ලියට සහාය පළකරන පෝස්ටර් ප්‍රචාරය කිරීමේ චෝදනා යටතේය.

ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව නවදිල්ලි අගනුවරට කිලෝමීටර් 50ක් පමණක් දුරින් පිහිටි හර්යානා හි ෆරීදාබාද් නගරයේ නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 2,900ක් පමණ හමු විය. මෙය සැලවීමත් සමඟ ඔවුන්ගේ ත්‍රස්ත කණ්ඩායමේ තවත් සගයෙකු වූ බෝම්බකරු වෛද්‍ය උමාර් මොහොමඩ් භීතියට පත් ව මෙම පිපිරීම සිදුකර ඇති බවට එරට ආරක්ෂක අංශ සැක කරයි.

පුපුරාගිය මෝටර් රිය දකුණු කාශ්මීරයේ පුල්වාමා හි වෛද්‍යවරයෙකුට අයත් එකක් බවට හඳුනාගැනීමත් සමඟ දිල්ලි ප්‍රහාරය සහ මෙම ත්‍රස්ත ජාලය අතර සබඳතාවක් තහවුරු කරගැනීමට පොලීසියට හැකිව ඇත.

ප්‍රහාරය සිදු කිරීම සඳහා බෝම්බකරු ඇමෝනියම් නයිට්‍රේට් ඉන්ධන තෙල් (ANFO) භාවිතා කර ඇති බව අනාවරණය වී තිබේ. එමෙන්ම මෝටර් රථය තුළ ඩෙටනේටරයක් සවි කර තිබී ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇත.

17 වැනි සියවසට අයත් සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන රතු බලකොටුව ආසන්නයේ මෙම ප්‍රබල පිපිරීම සිදුවුයේ ඊයේ පස්වරුවේදීය. චාන්දනී චෝක් මෙට්‍රෝ දුම්රිය ස්ථානය ආසන්නයේ මංසන්ධියක සෙමින් ගමන් කරමින් පැවති සුදු පැහැති හයිහුන්ඩායි අයි 20 මාදිලියේ මෝටර් රථය තුළ මෙම පිපිරීම සිදුව තිබුණි.

ප්‍රහාරයට පැය තුනකට පෙර, සැකකාර රියදුරු එම මෝටර් රථයෙන් රතු බලකොටුව ආසන්න රථ ගාලක් වෙත පැමිණි අයුරු CCTV කැමරාවක සටහන්ව ඇත. ඔහු පස්වරු 6.30 දක්වා එහි රැඳී සිට ඇති අතර, අනතුරුව රථය රථ ගාලෙන් ඉවතට පැමිණි විගසම කෙටි වේලාවකින් පුපුරවා හැර ඇති බව ඉන්දීය පොලීසිය පවසයි.

සිදුවීමෙන් මාර්ගයේ ගමන් කරමින් පැවති රථ වාහන රැසකට ද හානි වී විශාල ගින්නක් හටගත් අතර එය පාලනයට ගිනි නිවන රථ විස්සක් පමණ යොදවා තිබේ.

මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය (NIA) සහ ජාතික ආරක්ෂක බලකාය විමර්ශන ආරම්භ කර ඇත. මේ සමඟ අනීතික ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත යටතේ ප්‍රති ත්‍රස්ත නීතිය බලාත්මක කිරීමට දිල්ලි පොලීසිය පියවර ගෙන තිබේ.

දිල්ලි ප්‍රාන්තයටත්, මුම්බායි, කොල්කටා, බැංගලූරු, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද්, උත්තර් ප්‍රදේශ්, උත්තරාකන්ද් යන නගර සහ ප්‍රාන්තවලට ආරක්ෂාව තර කර ඇති අතර, ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපොළවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories