කුරුණෑගල මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේදී ඩක්කුවක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා සිව්නමගේ අවසන් කටයුතු අද (27) සිදු කිරීමට නියමිතයි.
එම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ඉන්දීය හා රුමේනියානු භික්ෂූන් වහන්සේ දෙදෙනාගේ දේහයන් අද දින ඔවුන්ගේ මව් රටවල් වෙත ගෙන යන අතර, රුසියානු ජාතික භික්ෂුවගේ දේහය ඉදිරි දිනකදී රටට මාරු කිරීමට සැලසුම් කර ඇත.
අනතුරින් මියගිය භික්ෂූන් වහන්සේලාගේ දේහ ඊයේ පෙරවරුවේ මැල්සිරිපුර සිට නාඋයන ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කරවනු ලැබූ බව ද වාර්තා වෙයි.