මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා ගමන්ගත් කේබල් ඩක්කුවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 7 දෙනෙකු ඊයේ (24) රාත්‍රීයේ අපවත් වී තිබේ.
අපවත්වූ අය අතර විදේශීය භික්ෂූන් වහන්සේලා දෙදෙනකුද ඇතුළත් වන අතර, ඔවුන්ගේ සිරුරු ගොකරැල්ල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ. අනෙක් හිමිවරුන්ගේ සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේදී ඩක්කුව තුළ භික්ෂූන් වහන්සේලා 13 දෙනෙක් ගමන් කරමින් සිටිය බව වාර්තා වේ. බරපතළ තුවාල ලබා සිටින හිමිවරු දැනට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.