මැල්සිරිපුර, නාඋයන ආරණ්‍ය සේනාසනයේ දී පසුගියදා සිදු වූ ඛේදජනක අනතුරින් බරපතල තුවාල ලද තවත් හිමිනමක් අපවත් වී තිබේ.
කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ මෙසේ අපවත් වී ඇත.
ඒ සමගන මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරුන් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් ඇති අතර, සිද්ධියෙන් තුවාල ලද තවත් භික්ෂුන් වහන්සේ පස්නමක් වැඩිදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
නාඋයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී අනතුරක් සිදුවූයේ පසුගිය 24 වැනිදා රාත්‍රියේ වන අතර, අනතුර සිදුවන අවස්ථාවේදී එම ඩක්කුවේ භික්ෂුන් වහන්සේ 13 නමක් සිට ඇති බවත් වාර්තා විය.
අනතුරින් අපවත් වූ හිමිවරුන් තිදෙනෙකු ඉන්දියාව, රුමේනියාව සහ රුසියානු රටවල වාසය කළ විදෙස් ජාතික හිමිවරුන් බව වාර්තා විය.
ඩක්කුව කඩා වැටෙන අවස්ථාවේදී එහි සිටි භික්ෂුන් වහන්සේලා 13 නමකගෙන් දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබුණි.