අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (ජූලි 28) රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස ගමන් කළ ගුවන් යානයෙන්ම මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරයා ඊයේ උදෑසන 7.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ බලා පිටත්ව ගොස් තිබේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස තුන් දින නිල සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව ගියේ ද එම ගුවන් යානයෙන්මයි.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ අධිකරණ නියෝගය නිකුත් වී ඇත්තේ ඊයේ (ජූලි 28) දහවල් කාලයේ වීම විශේෂත්වයකි. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් විවිධ පාර්ශවයන්ගෙන් අදහස් පළවෙමින් පවතින අතර, ඉදිරියේදී මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.