2025 බුද්ධිමය දේපළ පිලිබඳ නොබෙල් සම්මාන උළෙල අද ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්විණ. (WIPO Global Awards 2025). එහිදී The Environment Start‑ups කැටගරි එකෙන් පලමු ස්ථානය දිනා ගැනීමට ආචාර්ය නදීෂා චන්ද්‍රසේන ප්රමුඛ කණ්ඩායම සමත්වී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත ආයතනයක් වන ලෝක බුද්ධිමය දේපල පිලිබඳව ජාත්‍යන්තර සංවිධානය ( World Intellectual Property Organization) විසින් ආචාර්ය නදීෂා චන්ද්‍රසේන ප්රමුඛ කණ්ඩායම වෙත මෙකී සම්මානය ප්‍රධානය කර ඇත්තේ ගංවතුර විරෝධී කුණාටු ජලාපවහන පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙනි.
අධික වර්ෂාවක් තුල උවද නාගරික පරිසර සංරක්ෂණය තුලින් නොකඩවා ජලය බැසයාමට සැලැස්වෙන ක්‍රමවේදය (Anti-Flood Stormwater Drainage System )හදුන්වාදීම මෙම සම්මානය සදහා සුදුසුකම් ලැබීමට ඉවහල්විය.
රටවල් 95 කට වඩා වැඩි සංඛ්‍යාවක් මගින් ඉදිරිපත් කරනු ලැබූ විවිධ නිර්මාණ හා අදහස් 700කට අධික සංඛ්‍යාවක් අතුරින් ආචාර්ය නදීෂා ඇතුළු කණ්ඩායමේ නිර්මාණය තෝරාගනු ලැබ ඇත.
මෙම සම්මානය ලැබීමට පෙරාතුව ආචාර්ය නදීෂා චන්ද්‍රසේන හා අප සමග පැවැති යූටියුබ් සම්මූඛ සාකාච්ඡාවක වීඩියෝව පහතින් දැක්වේ