මියන්මාර මහමැතිවරණයේ තෙවන සහ අවසාන අදියරේ ඡන්ද විමසීම අද (25) පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මැතිවරණයේදී හමුදාවේ පූර්ණ සහයෝගය ලබන පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. කෙසේ වෙතත්, මෙම මැතිවරණය නිදහස් හෝ සාධාරණ එකක් නොවන බවත්, මෙය හුදෙක් එරට පවතින හමුදා පාලනය නීත්‍යානුකූල කිරීම සඳහා ගන්නා උත්සාහයක් බවත් මැතිවරණ නිරීක්ෂකයින් දැඩි ලෙස පෙන්වා දෙයි.
හිටපු පාලිකා අවුන් සාන් සූ කී ධුරයෙන් නෙරපා හැර වසර පහක් ගතවීමෙන් පසු මෙම මැතිවරණය පැවැත්වීම විශේෂත්වයක් වන අතර, ඇය තවමත් රැඳවුම් භාරයේ පසුවෙයි. ඇය නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) ඇතුළු විපක්ෂ කණ්ඩායම් කිහිපයක්ම මේ වන විට විසුරුවා හැර තිබේ.
මැතිවරණයේ පළමු අදියර දෙකේ ප්‍රතිඵල අනුව, හමුදා සහාය ලබන යුනියන් සහයෝගිතා සහ සංවර්ධන පක්ෂය මේ වන විටත් විශාල පෙරමුණක් ගෙන සිටී. එහිදී ඔවුන් පහළ මණ්ඩලයේ ආසන 209න් 193ක් සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 78න් 52ක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.