2025 අගෝස්තු 15 සිකුරාදා, 05:12
නවතම පුවත්

MSC Elsa 3 නෞකාවේ විෂ ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළට!

ඉන්දියාවට ඔබ්බෙන්, කේරළ මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ තිබූ අන්තරායකර බහාලුම් 13ක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පරිසර අමාත්‍යාංශය අනාවරණය කරයි. මෙම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වන විටත් මෙරට වෙරළ තීරයන්ට ගොඩගසා ඇති අතර, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තත්ත්වය තවදුරටත් නරක අතට හැරිය හැකි බවට අනතුරු අඟවයි.

පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එච්.එම්.බී. අබේකෝන් මහත්මිය මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළාය. “MSC Elsa 3 නෞකාවේ තිබූ අන්තරායකර බහාලුම් 13ක් පිළිබඳව අපට තොරතුරු ලැබී තිබෙනවා. දැනටමත් එම ද්‍රව්‍යවලින් කොටසක් අපේ වෙරළට ගොඩගසා තිබෙනවා. අයහපත් කාලගුණයත් සමඟ තව තවත් ද්‍රව්‍ය ගොඩගැසීමේ අවදානමක් පවතිනවා,” ඇය පැවසුවාය.

මෙම තත්ත්වය හමුවේ, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා පැවසුවේ වෙරළට ගොඩගසන ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු අද (ජුනි 13) සිට ආරම්භ කරන බවයි. “අපි අද සිටම මෙම ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරනවා. මේ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටිනවා,” ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අනතුර හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට සහ සමුද්‍රීය පරිසරයට ඇති විය හැකි දිගුකාලීන බලපෑම් පිළිබඳව මේ වන විට පුළුල් අවධානයක් යොමුවී තිබේ. ආන්තරායකාරී ද්‍රව්‍ය හඳුනා ගැනීම, ඒවා ඉවත් කිරීම සහ පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories