2026 මාර්තු 27 සිකුරාදා, 00:01
නවතම පුවත්

මරණ සහතික දෙන්නත් උත්සව තියනවා

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන බව රජය ප්‍රකාශ කළද, මේ දක්වා පීඩාවට පත් කිසිදු පාර්ශවයකට නිසි වන්දි මුදලක් ලැබී නොමැති බව ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වන්දි ලබාදීමේ විධිමත් ක්‍රියාපටිපාටිය පිළිබඳව දිසාපතිවරුන් හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මෙතෙක් ලිඛිතව දැනුවත් කර නොමැති බවයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී වන්දි සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලදී සිදුවන සාකච්ඡා අතර පරස්පරතාවක් පවතින බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ආපදාවෙන් මියගිය පුද්ගලයන්ගේ මරණ සහතික නිකුත් කිරීම සඳහා පවා දේශපාලන අධිකාරිය උත්සව පැවැත්වීම කණගාටුදායක තත්ත්වයක් බවත්, ජනතාවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ උත්සව නොව ඉඩම් ඔප්පු සහ ස්ථිර විසඳුම් බවත් ඔහු අවධාරණය කළේය.

ආපදාවට ලක්වූ ජනතාවට තම ගැටලු ඉදිරිපත් කිරීමට මෙතෙක් නිසි යාන්ත්‍රණයක් සකස් වී නොමැති බව පවසන නාමල් රාජපක්ෂ මහතා, දේශපාලනඥයන් පෞද්ගලිකව ජනතාව හමුවීමට ගිය විට පමණක් ඔවුන් සිය දුක්ගැනවිලි ඉදිරිපත් කරන බව සඳහන් කළේය. පීඩාවට පත් ජනතාව සමඟ සෘජුව සම්බන්ධ වී ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීමට රජය ප්‍රායෝගික ප්‍රවේශයක් ගත යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

බොහෝ අවතැන් වූ පවුල් තවමත් තාවකාලික නවාතැන්වල පසුවන අතර, තම නිවෙස් වෙත යා හැක්කේ කවදාද යන්න පිළිබඳව ඔවුන් අවිනිශ්චිතතාවයකින් පසුවන බව ද මන්ත්‍රීවරයා පැවසීය. එමෙන්ම ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ ඇතැම් ගම්මාන වෙත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පවා මෙතෙක් ගොස් නොමැති බවට ඔහු චෝදනා කළේය. පීඩාවට පත් ජනතාව නැවත පදිංචි කිරීම සහ කාලෝචිත සහන සැලසීම සහතික කිරීමට රජය කඩිනමින් ක්‍රියා කළ යුතු බව ඔහු අවසාන වශයෙන් ඉල්ලා සිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories