ලෝක ආහාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ප්‍රදානයක් වශයෙන් ලබා ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ සඳහා වන ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පසුගිය සැප්තැම්බර් 20 වැනි දිනයි.
එම පොහොර අද (10) දින පැමිණීමට නියමිතය.
පොහොර භාරදීමේ නිල උත්සවය දෙසැම්බර් 12 වැනිදා කොළඹ වරායේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
පොහොරවලින් අඩක් වී සහ අනෙකුත් භෝග සඳහා වෙන් කරන අතර ඉතිරිය පොල් වගාව සඳහා බෙදා හැරීමට නියමිතය.