ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකථන සංවාදයක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, නායකයින් දෙදෙනාම ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතාවල ස්ථාවර ප්‍රගතිය සමාලෝචනය කළ බවය. එමෙන්ම, ඔවුන් ප්‍රධාන කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත් බවද සඳහන්ය.
ගෝලීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ඉදිරියට ගෙනයාම සඳහා ඉන්දියාව සහ එක්සත් ජනපදය සමීපව එක්ව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් නැවත අවධාරණය කළ බවද පැවසෙයි.
ඇමරිකානු ජනාධිපතිවරයා සමග පැවැත්වූ දුරකථන සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබුණි. එමඟින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ජනාධිපති ට්‍රම්ප් සමඟ ඉතා උණුසුම් හා ආකර්ෂණීය සංවාදයක් පැවැත් වූ බවය