ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ආහාර වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ගෝලීය විලාසිතා සන්නාමයක් වන මයිකල් කෝර්ස් (Michael Kors) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.7ක (රුපියල් මිලියන 875කට ආසන්න) දායකත්වයක් ලැබීම එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් පිළිගනු ලැබ ඇත.
මෙම සහයෝගය, සන්නාමයේ දීර්ඝ කාලීන ‘Watch Hunger Stop’ ව්‍යාපාරය ඔස්සේ, WFP හි ගෙවතුවලින් පාසලට ආහාර සැපයීමේ (Home-Grown School Feeding – HGSF) වැඩසටහනට දායක වනු ඇත.
අරමුදල් යොදවන අංශ:
මෙම අරමුදල් මගින් ලෝක ආහාර වැඩසටහනට (WFP) හැකි වන්නේ:
- දිස්ත්‍රික්ක 10ක් දක්වා ව්‍යාප්ත කිරීම: ගෙවතුවලින් පාසලට ආහාර සැපයීමේ වැඩසටහන දැනට පවතින දිස්ත්‍රික්ක 8 සිට දිස්ත්‍රික්ක 10ක් දක්වා ව්‍යාප්ත කිරීම.
- ළමුන් 250,000කට පෝෂ්‍යදායී ආහාර: ඉදිරි වසර තුන පුරා දිනපතා පෝෂ්‍යදායී ආහාර වේල් ළමුන් 250,000කට ලබා දීම.
- ගොවීන්ට සහ සැපයුම්කරුවන්ට සහය: දේශීය ගොවීන් සහ ආහාර සැපයීමේ නිරත පුද්ගලයන් 1,500කට නැවුම් සහ දේශීයව ලබාගත් නිෂ්පාදන සැපයීමට සහාය වීම.
- යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම: පාසල් 30ක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.