වයඹදිග මෙක්සිකෝවේ පිහිටි වෙළඳසැලක හටගත් ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පිරිස අතර කුඩා ළමයින් ද සිටින බව එම වාර්තා සඳහන් කරයි. එමෙන්ම මෙම ගින්න හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.