2026 මාර්තු 24 අඟහරුවාදා, 17:30
නවතම පුවත්

නව මිල සූත්‍රයෙන් ඔසු නිෂ්පාදනයට තර්ජනයක්

අලුතින් ගැසට් කරන ලද මිල සූත්‍රය හේතුවෙන් දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව පවසන ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයන්ගේ මණ්ඩලය, එම නව මිල සූත්‍රය අත්හිටුවන්නැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් (NMRA) ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වෙත ලිපියක් යොමු කරමින් එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය ලෝහිත සමරවික්‍රම විසින් මේ පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.

නව ගැසට් කරන ලද මිල සූත්‍රය ඉන්දියානු සහ දකුණු ආසියානු වෙළෙඳපොළ මිනුම් සලකුණුවලින් ව්‍යුත්පන්න කර ඇති අතර, එය නැවත මිලදී ගැනීමේ ගිවිසුම් යටතේ සිටින දේශීය නිෂ්පාදකයන් සඳහා යෙදවීමට නුසුදුසු බව ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයන්ගේ මණ්ඩලය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල සත්‍ය පිරිවැය ව්‍යුහය පිළිබිඹු කරන පරිදි මුල් ඖෂධයේ යොමු මිල සහ USFDA අනුමත නිෂ්පාදන මත පදනම් වූ වෙනස් කළ මිල නියම කිරීමේ රාමුවක් අනුගමනය කරන ලෙසත්, ඖෂධ ස්වයංපෝෂිතභාවය සහතික කරන ජාතික ප්‍රතිපත්තියක් ආයතනගත කරන ලෙසත් අදාළ ලිපිය මගින් ඉල්ලා තිබේ.

නව සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිවිපාක ලෙස මණ්ඩලය පෙන්වා දෙන්නේ:

රජයේ සහතික මත කරන ලද ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ විනාශ කිරීම.

දේශීය නිෂ්පාදකයන් ව්‍යාපාරයෙන් ඉවත් කිරීම මගින් ඖෂධ සුරක්ෂිතතාවට තර්ජනය කිරීම.

ආනයන මත වැඩි යැපීම සහ විදේශ සංචිත ක්ෂයවීම මගින් ආර්ථික ස්ථාවරත්වයට හානි කිරීම.

2025 අගෝස්තු 6 වැනිදා පැවැති මිල නියම කිරීමේ කමිටු රැස්වීමේදී පවා මෙම සූත්‍රය දේශීය නිෂ්පාදකයන්ට නුසුදුසු විය හැකි බව පිළිගෙන ඇති බවත්, මෙම තත්ත්වය නිවැරැදි නොකළහොත් රජය සමග හවුල්කාරීත්වයෙන් ගොඩනගන ලද පහසුකම් කඩා වැටීමකට ලක්වනු ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

මෙම ගැටලුව කඩිනමින් විසඳා නොගතහොත් එය ඖෂධ ක්ෂේත්‍රයේ පමණක් නොව, ශ්‍රී ලංකාවේ පුළුල් නිෂ්පාදන අංශය පුරාම ආයෝජක විශ්වාසය දුර්වල කරනු ඇතැයි ද ජාතික ඖෂධ නිෂ්පාදකයන්ගේ මණ්ඩලය අනතුරු අඟවා ඇත.

මෙම තීරණාත්මක ලිපියේ පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස වෙත ද යොමු කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories