මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අයත් ජල පෝෂක කලාපයන්ට අද (10) දින දැඩි මීදුම් තත්ත්වයක් බලපා ඇති බව වාර්තා වේ. මෙම ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා පැමිණ තිබේ. විශේෂයෙන්ම හැටන්-නුවරඑළිය සහ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ග රැසක ද දෘශ්‍යමාන පරාසය අවම වෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කරයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ රථවාහන ධාවනය කිරීමේදී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන ඉතා සැලකිලිමත් ලෙස සහ සෙමින් රිය පදවන ලෙසයි. මෙම මාර්ගවල ගමන් කිරීමේදී අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද පොලිසිය වැඩිදුරටත් අවධාරණය කර සිටී.